සරසවි පරිපාලනයට දේශපාලනය එපා


ප්‍රගති සමාලෝචන රැස්වීමක මුවාවෙන්  සියලු රාජ්‍ය විශ්ව විද්‍යාල හා ආචාර්යවරුන් අරලියගහ මන්දිරයට ලබන පළමුවැනිදා කැඳැවීම ගැන ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් මහාචාර්ය  රොහාන් ප්‍රනාන්දු  හා සභාපති චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්වරු විරෝධය පළ කරති.

උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම උත්සාහා කරනුයේ විශ්ව විද්‍යාල පරිපාලනය දේශපාලනීකරණයට ලක් කිරීමට බවත් එය ලැජ්ජාවට කරුණක් බවත් ඔවුහු කියති.

මේ රැස්වීම ජනපතිගේ ජනපතිවරණ ව්‍යාපාරයේ කොටසක් බවට පවතින සැකය සාධාරණ බවද ඔවුහු පවසති.