සරසවි ඇඳුරුවරු වීදි බසිති


මෙරට උසස් අධ්‍යාපනය සඳහා රජය වෙන් කරන ලද මුදල ප‍්‍රමාණවත් ලෙස වැඩි කිරීම, විශ්වවිද්‍යාල පරිපාලනයට දේශපාලන බලපෑම් නතර කිරීම, වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය අද දෙවන දිනයටත් කි‍්‍රියාත්මක විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණය එම විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පැවැත්විණි.