සරසවි ඇදුරු සහයට උද්ඝෝෂණ


විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට සහාය පළ කිරීම සඳහා අද (6)  පේරාදෙණිය විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෝ ගලහ මංසන්ධියේදී පැයක් උද්ඝෝෂණය කළහ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය වහා විසඳන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. ඔවුහු විරෝධතා පුවරුද ප‍්‍රදර්ශනය කළහ.