සරසවි ඇදුරු සටනට වෘත්තීය සමිති 26ක්
දින හැතෑතැවක කාලයක් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුනට සහාය දීමට වෘත්තීය සමිති 26ක් එක්වී යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිත සමුළුව නමින් අද පැවති සාකච්ඡාවේදී යෝජනා 4ක් සම්මත කරගත් බවත්, ලබන 24 වැනිදා සරසවි ඇදුරන් මහනුවර සහ ගාල්ලේ සිට කොළඹට පාගමන් දෙකක් ආරම්භ කිරීමටත්, ලබන 28 වෙනිදා එම පෙළපාලි දෙක කොළඹදී එක්වී විරෝධතාවක් පැවැත්වීමටත්, එදින ජාතික විරෝධතා දිනයක් බවට නම් කිරීමටත් තීරණය වූ බව ද ඒ මහතා පවසයි.

