මධ්‍යම මහ ඇමති සරත් ඒකනායක මහතා එම තනතුරින් නෙරපීම වළක්වමින් අභියාචනාධිකරණය අද (11) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
වහා සිය පෙත්සමෙන් දක්වා ඇත්තේ පළාත් සභා පනතට පටහැනිව තමා ප්‍රධාන අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරිමට පළාත් ආණ්ඩුකාරවරයා සූදානම් වන හෙයින් එය නීතියට පටහැනි බව ප්‍රකාශ කරයි .
විජිත් මලල්ගොඩ (සභාපති) සහ එච්.සී.ජේ.මඩවල යන විනිසුරුවරු පෙත්සම සලකා බැලුහ.
විභාගය ජුනී 16 වැනි දා පැවැත්වීමට නියමිතය.එදිනට පෙර විරෝධතා ඉදිරිපත් කරන ලෙසද අභියාචනාධිකරණය පළාත් පාලන ආණ්ඩුකාරවරයාට නියෝග කළේය
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා







