සරණාගත සහායට ඉටිපන්දම් දල්වයි


ඕස්ට්‍රේලියාවට යන සරණාගතයනට සහාය දීම සඳහා ඕස්ට්‍රේලියානුවෝ පිරිසක් සිඩ්නි නුවර දී ඉටිපන්දම් දැල්වූහ.

ශ්‍රී ලංකාවට එවීමට සිටි සීමල් පිල්ලේ නම් තරුණයා ගිනිතබාගෙන පිළිස්සී මියයෑම සැමරීමට ඔවුහු ඉටිපන්දම් දැල්වූහ.

එම අවස්ථාවට එක් වූ ඕස්ට්‍රේලියානුවන් කියා සිටියේ ආගමන නිලධරයන් ඔහුට අවස්තා කිහිපයක දී ම හිරිහැර කළ බවයි.

ඕස්ට්‍රේලියා රජයේ කුරුරු හා අමානුශික පිළිවෙත නිසා ඔහු මිය ගිය බව ද ඔවුහු කීහ.

රැඳවුම් කඳවුරුවල සිටින සරනාගතයන් 400ක් පමණ ආහාර වර්ජනයක යෙදී සිටින බව ද, අඩු ගණනේ 24000ක් පමණ ඕස්ට්‍රේලියාවේ ද, 2400ක් නාවුරු හා නැනුස් දූපත්හි ද, 823 දෙනකු ක්‍රිස්මස් දූපතේ ද සිටින බව ඕස්ට්‍රේලියා ආගමන නිලධරයෝ කියති.