(ඉන්දිකා රාමනායක)
සරණාගත මියන්මාර ජාතිකයින් පිරිසක් රැදී සිටි ගල්කිස්සේ නිවසට පහර දී අලාභහානි සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක් පුද්ගලයකු අද (29) පස්වරුවේ බම්බලපිටිය ප‍්‍රදේශයේ දී කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන (34) හැවිරිදි පුද්ගලයකු බවත් ඔහු බොදුබල සේනාවේ හිටපු ප‍්‍රබල කි‍්‍රයාකාරියකු බවත් පසුගිය මහ මැතිවරණයට බොදුබල සේනාවෙන් මොරටුවට තරග කළ අපේක්ෂකයකු බවද පොලිසිය කියයි.

