සරණාගත කඳවුරේ අනතුරෙන් මරුට


හොරෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙමින් සිටියදී ඉන්දුනීසියා අත්අඩංගුවට පත්ව සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු යතුරු පැදියක් ධාවනය කරමින් සිටියදී අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි කියයි. ඔවුහු ත්‍රිකුණාමලය හා මන්නරමෙන් එහි ගිය අය වෙති.