මියන්මාර ජාතික සරණාගතයින් පිරිසක් රඳවා සිටි ගල්කිස්ස නිවසක් අසල නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් නිවසට ගල්මුල් ප්‍රහාර එල්ල කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා ලබන නව වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ඔවුන් සිව් දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය මහේස්ත්‍රාත්වරයාට දැන්විය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවක් ද සිටින්නීය. සැකකාරුවෝ මීතොටමුල්ල, ගනේමුල්ල ,නාවල සහ එඩේරමුල්ල යන ප්‍රදේශවල පදිචිකරුවෝය.

