සරණ ගුණවර්ධනට නොතීසි


ඛණිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට මිනුවන්ගොඩ දිසා විනිසුරු හා ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතා අද නියෝග කළේය. විනිසුරුවරයා මෙම නියෝගය කළේ නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව නිල්පනාගොඩ ව්‍යාපාරිකයකු පවරා තිබූ නඩුවද් විභාගයට ගත් අවස්ථාවේය. මිනුවන්ගොඩ ඉඩමක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා තමාගෙන් ඉල්ලූ රුපියල් කෝටි දෙක හමාරක කප්පම් මුදල නොදීම හේතුවෙන් ඇමතිවරයා විසින්ඉඩම්  කොටස් දෙකකට නිතී විරෝධීව ලබාගත් කේවියට් තහනම ඉවත් කරන ලෙසත්, තමාට සිදුවී පාඩුව වෙනුවෙන් රුපියල් කෝටි දහයක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලමින් නිල්පනාගොඩ ව්‍යාපාරිකයා මෙම නඩුව ගොනු කර ඇත.