ඕස්ටේ‍්‍රලියාවේ ඔරිකා ගී‍්‍රන්ඒජ් කණ්ඩායමේ සයිමන් ජෙරන්ස්ට කහ බැනියම හිමි කරමින් ශත සංවත්සර ප‍්‍රංශ සවාරියේ සිව්වැනි අදියර ඊයේ (02) නිමාවිය. කණ්ඩායම් අතරේ මහා බි‍්‍රතාන්‍යයේ ස්කයි කණ්ඩායම දෙවන ස්ථානයත් ඩෙන්මාර්කයේ සැක්සෝ කණ්ඩායම තෙවැනි ස්ථානයත් හිමි කරගෙන සිටිති.
කිලෝමීටර 25ක දුරින් යුත් කාලය මැනීමේ තරගයක් වූ සිව්වැනි අදියර අවසාන වන විට ජෙරන්ස්ගේ කාලය පැය 12 මින්ත්තු 47 තත්පර 24 ක් වී තිබිණ.
පසුගිය වසරේදී ප‍්‍රංශ සවාරියට එක්වූ ඕස්ටේ‍්‍රලියානු ඔරිකා කණ්ඩායම පළමු වරට අදියරක් ජයග‍්‍රහණය කළේ තුන්වැනි අදියරේදී පීටර් සාගන් පරදවා ඉදිරියට ඒමට ජෙරන්ස්ගේ සමත්වූ නිසාය.
”කණ්ඩායමක් වශයෙන් අපි හැමෝම හොඳ යාළුවෝ. හැම දෙනාටම උදව් කරන්න අපි මහන්සි වෙනවා. විශ්වාස කරන්නත් බෑ. දවස් දෙකම අපිට සිහිනයක් වගේ. ඇත්තටම මීට වඩා හොඳ දෙයක් අපිට ලබා ගන්න බෑ.” යනුවෙන් තෙවැනි අදියර ජයග‍්‍රහණය කළ ජෙරන්ස් පැවසීය.
මේ වන විට තරගයේ ඉදිරියෙන් සිටින සයිමන් ඔහුගේ කණ්ඩායමත් සමග කහ බැනියම ඇඟලා ගන්මින් තරගයේ පස්වැනි අදියර වන කැග්නස් සර් මර් සිට මාර්සේල් දක්වා කිලෝ මීටර 228 ක දුරක් අද (03) පාපැදිය පැද යාමට සූදානමින් සිටී.
සමස්ථ තරගය ඉදිරියෙන් සිටින තරගකරුවෝ
01. සයිමන් ජෙරන්ස් ( ඕස්ටේ‍්‍රලියාව)
02. ඩැරිල් ඉම්පෙ (දකුණු අපි‍්‍රකාව)
03. මයිකල් ඇල්බසිනි (ස්විස්ලන්තය)
04. මයිකල් ක්වැත්කොව්ස්කි (පෝලන්තය)
05. සිල්වෙයින් චවලින් (ප‍්‍රංශය)
06. එඞ්වඞ් බෝසන් හාගන් (නෝර්වේ)
07. කි‍්‍රස් ෆ්රෝම් (මහා බි‍්‍රතාන්‍ය)
08. රිචී පෝට් ( ඕස්ටේ‍්‍රලියාව)
09. නිකොලස් රෝච් (අයර්ලන්තය)
10. රෝමන් රෙසිගර් (චෙකොස්ලොවැකියානුව)