සයිටම් විරෝධීහු කොළඹට එක්වෙති


(ඉන්දිකා රාමනායක / ඡායාරූප - ශාන්ත රත්නායක)

මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් මහනුවර, අනුරාධපුර, හලාවත, පානදුර, අම්පාර ආදී ප්‍රදේශ ගණනාවක සිට කොළඹට පැමිණි සයිටම් විරෝධී සිසුහු අද(15) පස්වරුවේ කොළඹ ලිප්ටන් වටරවුමට පැමිණියහ.

මේ වනවිට ලිප්ටන් වටරවුම අසලට එක්ව සිටින සයිටම් විරෝධී ජන පවුර සාමාජිකයෝ එහි උද්ඝෝෂණය කරති. මේ හේතුවෙන් පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ද ඇතිවී ඇත.