(රංජන් කස්තුරි)
සයිටම් වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස බලකරමින් හෙටත් (13) දිස්ත්‍රික්ක හයක වෛද්‍ය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කෙරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඒ අනුව වවුනියාව ,මාතලේ ,අම්පාර,බදුල්ල ,මොණරාගල සහ මාතර යන දිස්ත්‍රික්කවල රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් හෙට දවස පුරා වැඩ වර්ජනයේ නිරත වන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියයි.
සයිටම් වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස බලකරමින් සයිටම් විරෝධී ජන පවුර සංවිධානය මගින් රථ පෙළපාලියක් ආරම්භ කළ අතර එම පෙළපාලිය ආරම්භ කෙරෙන දිස්ත්‍රික්කවල වෛද්‍ය වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට එම සංගමය පියවර ගෙන තිබේ.
මේ අතර සයිටම් විරෝධී ජන පවුරෙහි රථ පෙළපාලිය හෙට (13) පෙරවරුවේ ස්ථාන පහකින් ආරම්භ වීමට නියමිතය.

