සයිටම් නඩුවෙන් විනිසුරු මළල්ගොඩ ඉවත්වෙයි


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් (සයිටම්) උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙස ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කළ අභියාචන පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා ඉවත් වන බව අද(31) අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
මෙම පෙත්සම සිසිර ද ආබෲ ,අනිල් ගුණරත්න සහ විජිත් මළල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.
පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර සිටියේ තමන් මීට අභියාචනාධිකරණ විසින් සයිටම් ආයතනය සම්බන්ධයෙන් ලබා දුන් මෙම නඩු තීන්දුවට සහභාගී වී ඇති බැවින් නඩු විභාගයෙන් ඉවත් වන බවයි.