සයිටම් අර්බුදය ගැන පාර්ලිමේන්තු විවාදය අද


(ආරියරත්න රණබාහු)

සයිටම් අර්බුදය සම්බන්ධයේ ඊයේ(22) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට තිබූ විවාදය අද විවාදයට ගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා දැන්වීය.

අද පෙරවරු 10.30ට රැස්වූ පාර්ලිමේන්තුවේ ශෝක ප්‍රකාශ 4ක් සිදු කිරීමෙන් පසු අදාළ විවාදය පැවැත්වීමට නියමිත අතර එය ඉදිරිපත් කළ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඊයේ සවස සභාවේ නොසිටීම හේතුවෙන් විවාදය අදට කල් තැබිණි.