සමිති ගතු කීම වතුරේ


ඇමෙරිකා රජය ශ්‍රී ලංකාවට දුන් ජී.එස්.පී. බදු සහනයේ වෙනසක් නොකිරීමට තීරණය කරයි.   ශ්‍රී ලංකාවේ හා විදෙස් කම්කරු සංවිධාන ශ්‍රී ලංකා රජයේ කම්කරු අයිතිවාසිකම් අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් නිසා මේ බදු සහනය ඉවත් කිරීමේ අවදානමක් ඇති විය. ඇමෙරිකා නියෝජිතයකු ශ්‍රී ලංකාවට පැමිණ කරුණු සොයා බලා ඇති අතර, ඔහුගේ වාර්තාවෙන් කියැවෙන පරිදි ශ්‍රී ලංකා රජය කම්කරුවන් උදෙසා ගෙන ඇති පියවර සතුටුදායක මට්ටමක පවතින බැවින් මෙසේ බදු සහනය දිගටම ලබා දීමට තීරණය කර ඇති බව වෙළඳ අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතං පැවසීය.