සමාගමේ සල්ලි හිටපු මැනේජර්ගේ ගිණුමේ
සොෆ්ට් ලොජික් පිනෑන්ස් සමාගමේ රාජගිරිය ශාඛාවෙන් වංචා කළැයි කියන රුපියල් ලක්ෂ හතර හමාරක මුදල් කොටස් වශයෙන් ගෙවීමට එහි හිටපු කලමනාකරු ඩී.ලියනගේ බුද්ධික කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා හමුවේ පොරොන්දු විය. මූලස්ථානයෙන් ගත් මුදල් ශාඛාවේ තැන්පත් කරන බව පවසා ඔහුගේ පෞද්ගලික ගිණුමේ තැන්පත් කැර ඇතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.

