සමාගම් ලොක්කාගෙන් කෝටියක් කප්පම් කන්න හදලා


කොළඹ සමාගමක ප්‍රධානියකුගේ අයතා සම්බන්ධයක් බිරියට වසන් කිරීම සඳහා මුලින් රුපියල් තිස් පන් ලක්ෂයක් ලබා ගෙන පසුව තවත් ලක්ෂ 75ක් ඉල්ලූ බව කිය උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් කොස්තාපල්වරයෙක් සහ අනියම් බිරිය කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මුලින් ලක්ෂ 35ක් ගැනීමට කොස්තාපල් ඉදිරිපත් වී ඇතැයි ද, එම මුදල ගැනීමෙන් පසු දෙවැනි වරට එමෙන් දෙගුණයක් ඉල්ලා ඇතැයි ද ඒ අතරතුර කොස්තාපල් වෙනත් පොලිසියකට මාරු කර ඇතැයි ද පොලිසි කියයි.