සම්මාදම් හෝටලයක් රන්මිණිතැන්නේ


දකුණු පළාතේ පොලිස් ප‍්‍රධානියකු යාල රන්මිනිතැන්න සිනමා ගම්මානය අසල ඉදිකරතියි කියන හෝටලයට පොලිසියෙන් හා ව්‍යාපාරකයන්ගෙන් සම්මාදම් කරතියි කතරගම ප‍්‍රාදේශීය සභාව කියයි. මේ හිරිහැරය ගැන ජනපතිට හා ආරක්ෂක ලේකම්ට දන්වා යැවිය යුතුයැයි සභාපති අමිල රංගන මහතා කළ යෝජනාව විපක්ෂයේද සහායෙන් ඒකමතිකව සම්මත විය. ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරු හත් දෙනාද විපක්ෂ මන්තී‍්‍රවරු තිදෙනාද යෝජනාවට ඡන්දය දුන්හ. සිමෙන්ති, තේක්ක, ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය සපයා ගැනීමට ඔහු පොලිසියේද, ව්‍යාපාරිකයන්ගේද සහාය ගනිතියි යෝජනාවේ සඳහන්වේ.