සම්බාහනයේ වෙන වැඩක්
සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් ගල්කිස්සේ පවත්වගෙන ගිය බව කියන ගණිකා නිවාසයකින් තරුණියන් පස් දෙනෙක් ද කලමනාකරුවෙක් ද ඔහුගේ සහායකයෙක් ද ගල්කිස්ස දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. රුපියල් 2500 සිට 10,000 දක්වා මිලට තරුණියන් අලෙවිකැර ඇතැයි පොලිසිය කියයි.

