සම්පායෝ 18 තෙක් රිමාන්ඩ්


මීගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අගෝස්තු 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසුරිය මහත්මිය අද (4) නියෝග කළාය.

මීගමුව බන්ධනාගාරයේ සිදුවූයේ යැයි කියන විෂමාචාර සිද්ධීන් සම්බන්ධයෙන් සම්පායෝ මහතාට චෝදනා ගොනු කර තිබේ.

සිද්ධියට සම්බන්ධ මීගමුව බන්ධනාගාරයේ හිටපු ජේලර්වරු තිදෙනා ද එදින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

පසුගිය අගෝස්තු 2 වැනිදා කුරුණෑගල නගරයේ සැඟව සිටියදී මීගමුව පොලිස් නිලධාරීන් විසින් සම්පායෝ අත්අඩංගුවට ගනු ලැබීය.

(535)

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා