සමස්ත ලංකා වයස් කාණ්ඩ චෙස් තරග අද සිට
ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කරනු ලබන සමස්ත ලංකා ජ්‍යෙෂ්ඨ බාලක බාලිකා වයස් කාණ්ඩ කේවල චෙස් තරගාවලිය අද (15) සිට 17 වැනිදා දක්වා මාතලේ කි‍්‍රස්තු දේව බාලිකා විද්‍යාලයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ සභාපති සේනක සමරතුංග, ලේකම් එම්.ජී. විමලවීර, තරග ලේකම් කේ.ඩබ්ලිව්.ඞී,සරත්චන්ද්‍ර යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වේ.
වයස 12න් පහළ 13න්, 15න්, 16න් පහළ බාලක බාලිකා වශයෙන් තරග ඉසව් දහයක් යටතේ මෙම තරගාවලිය පැවැත්වෙන අතර ප‍්‍රථම, දෙවැනි හා තෙවැනි ස්ථාන දිනාගන්නා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පිළිවෙළින් රන්, රිදී හා ලෝකඩ පදක්කම් පිරිනැමේ.
මෙම තරගාවලියට සහභාගි වන සියලූම පාසල් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට සිය පාසල් නිල ඇඳුමෙන් සැරසී කී‍්‍රඩා කිරීම අනිවාර්ය වේ.

