සමරවීර - රන්දිව් සටනට බසිති
හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 97 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ තිලාන් සමරවීර සහ සුරාජ් රන්දිව් දෙදෙනා කොළඹ පී. සරා ඕවල් පිටියේදී පැවැත්වෙන දෙවැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (27 වැනිදා) සවස පැවැති මන්දාලෝකය නිසා තරගය නතර කරන විට තම පිලේ මුල් ඉනිමේ ලකුණු සංඛ්‍යාව කඩුලූ 6 කට 225 ක් දක්වා ඉහළ දැමූහ. මෙම පිතිකරුවන් දෙදෙනාගේ අප‍්‍රතිහත ධෛර්යය නිසා පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අසීරුතාවෙන් ගැලවීමට ශී‍්‍ර ලංකා පිලට හැකි විය.
කෙසේ වෙතත් මුල් ඉනිමේදී ලකුණු 412 ක් ලබාගත් නවසීලන්ත පිලට වඩා ශී‍්‍ර ලංකා කණ්ඩායම තවමත් ලකුණු 187 ක් පසුපසින් සිටින අතර තරගයේ ඉතිරිව ඇත්තේ තවත් දින දෙකක් පමණි.
උඩපන්දුවක් රැුකගැනීමට යාමේදී දකුණතේ මැද`ගිල්ල සහ වෙ`ඳැගිල්ල අතර ඉරී යාම හේතුවෙන් එයට මැහුම් 3 ක් දමාගෙන, වේදනා නාශක බෙහෙත් පෙති කිහිපයකුත් ගිලදමා පිටියට පිවිසි සමරවීර, විනාඩි 208 ක් තිස්සේ පන්දුවට පහර දෙමින්, සුරාජ් රන්දිව්ද සමග එක්ව, තම පිලට සැනසුම් සුසුම් හෙළිය හැකි තැනකට කැඳවාගෙන ගියේය.
පන්දු 156 කට මුහුණ දුන් සමරවීර සිය ලකුණු 76 හතරේ පහර 5 කින් සරසමින් සිය 15 වැනි ටෙස්ට් ශතකය කරා යමින් සිටී.
ශී‍්‍ර ලංකා පිලේ හයවැනි කඩුල්ලත් ලකුණු 128 දී දැවී ගියද, මෙම කී‍්‍රඩාංගණයේදී හත්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති හොඳම සම්බන්ධතාව ගොඩනැංවූ සමරවීර සහ රන්දිව් දෙදෙනා ලකුණු 213 කඩයිමෙන් ඔබ්බට ශී‍්‍ර ලංකා පිල තල්ලූකර දැමූහ. යම් හෙයකින් ලකුණු 213 ට අඩුවෙන් ශී‍්‍ර ලංකා පිල දැවීගියේ නම් පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීම සඳහා ශී‍්‍ර ලංකා පිලට බලකිරීමේ අවස්ථාව නවසීලන්තයට තිබිණ.
ලකුණු 43 කට කඩුලූ 3 ක් දැවී තිබියදී ඊයේ පිතිහරඹය ආරම්භ කළ තරංග පරණවිතාන සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනා, සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක අමිල සම්බන්ධතාවක් ගොඩන`ගමින් ශී‍්‍ර ලංකා පිල ඉදිරියට ගෙන ගියහ. එහෙත් දිවා ආහාරයට මඳ වේලාවකට පෙර පැවැති මන්දාරම් සහිත තත්ත්වය මනාලෙස උපයෝගී කරගත් ටිම් සවුතී, පන්දු හයක් තුළදී තරංග පරණවිතාන සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනාම පිටියෙන් ඉවත් කරමින් ශී‍්‍ර ලංකා පිල නැවතත් අසීරු තත්ත්වයකට ඇද දැමීය.
දිවා ආහාරය වන විට ලකුණු 107 කට කඩුලූ 5 ක් අහිමි කරගෙන සිටි ශී‍්‍ර ලංකා පිලේ කඩුලූ රකින්නා වන ප‍්‍රසන්න ජයවර්ධනද ලකුණු 128 දී දැවී යාම හේතුවෙන් සත්කාරක කණ්ඩායම තවත් අසීරු අඩියකට ඇද වැටුණ නමුත් සමරවීර සහ රන්දිව් දෙදෙනා කඩා වැටෙමින් ගිය ශී‍්‍ර ලංකා ඉනිමට සවිමත් මුක්කුවක් ගැසූහ.
තරගයේ සිවුවැනි දිනය වන අද (28 වැනිදා) පෙරවරු 9.45 ට කී‍්‍රඩාව ආරම්භ වෙයි.
ලකුණු පුවරුව
නවසීලන්තය - පළමු ඉනිම 412
(කේන් විලියම්සන් 135, රොස් ටේලර් 142, ඩැනියෙල් ෆ්ලින් 53, රංගන හේරත් 103/6)
ශී‍්‍ර ලංකාව - පළමු ඉනිම
තරංග පරණවිතාන - ඇ.වැන් වික් ප.සවුතී 40
තිලකරත්න ඩිල්ෂාන් - ප.සවුතී 5
කුමාර් සංගක්කාර - ඇ.බෝල්ට් ප.සවුතී 0
මහේල ජයවර්ධන - ඇ.විලියම්සන් ප.බෝල්ට් 4
ඇන්ජලෝ මැතිව්ස් - ඇ.ගප්ටිල් ප.සවුතී 47
තිලාන් සමරවීර - නොදැවී 76
ප‍්‍රසන්න ජයවර්ධන - ඇ.විලියම්සන් ප.පතෙල් 12
සුරාජ් රන්දිව් - නොදැවී 34
අතිරේක 7
එකතුව ඕවර 86.2 කදී කඩුලූ 6 ක් දැවී 225
කඩුලූ වැටීම:
1-07(ඩිල්ෂාන්), 2-07(සංගක්කාර), 3-12(මහේල), 3-102(පරණවිතාන), 4-103(මැතිව්ස්), 5-128(ප‍්‍රසන්න), 6-128(ප‍්‍රසන්න),
පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ
නුවන් කුලසේකර, රංගන හේරත් සහ ශමින්ද එරංග
පන්දු යැවීම:
ටිම් සවුතී : 19-3-51-4, ටේරන්ට් බෝල්ට් : 17-5-34-1, ජීටන් පතෙල් : 22-3-47-1, ඇස්ට්ල් : 13-2-41-0, බ්‍රේස්වෙල් : 13-1-44-0, විලියම්සන් : 2.2-1-05-0

