සමගි බලවේගය දිසා 22 ටම දුරකතනයෙන්


( +++ රන්ජන් කස්තුරි)

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය පක්ෂය මහ මැතිවරණය සඳහා දුරකතනය ලකුණින් තරග කරන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

ඒ අනූව දුරකතනය ලකුණින් එම පක්ෂය දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 ටම තරග කිරීමට නියමිතය.

මෙ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් එම පක්ෂය මේ වන විට නාමයෝජනා මණ්ඩලයක් ද පත්කර තිබෙන අතර නාම යෝජනා බාර ගැනීමේ මූලික කටයුතු ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.