සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම හෙට


(නිමල කොඩිතුවක්කු)

සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීම සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්  හෙට(20) පෙරවරු 11.00 ට ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය කාර්යාලයේදී පැවැත්වේ.

 
ඉදිරි වසර පහ සඳහා රට ගොඩනැගීමට අවශ්‍ය ආර්ථික සංවර්ධන වැඩ පිළිවල මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් වේ.
 
මෙයට සමගාමීව සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මහජනතාව අතට පත් කිරීමේ විශේෂ වැඩ සටහනක් හෙට පස්වරු  4.00 ට කොළඹ කොටුව දුම්රිය පොල ස්ථානයේ ඉදිරිපිට දී පැවැත්වේ.
 
එමෙන්ම හෙට පස්වරු  2.00ට මහ සඟ සමුළුව පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
 
මෙම අවස්ථාවන් සඳහා සමගි ජනබලවේගයේ නායකයන් පාක්ෂිකයන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.