(දයාසීලි ලියනගේ)
සමගි ජන බලවේගය සඳහා ඉදිරි මැතිවරණයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා හෙට (28) සිට අයැදුම්පත් කැඳවන බව පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීය.
පුවත්පත් දැන්වීමක් මගින් මේ සඳහා අයැදුම්පත් කැඳවීම සිදුවන බවද ඔහු කීය.
දුෂිතයන් වංචනිකයන් වශයෙන් සමාජයේ චෝදනාවන්ට ලක්වූ එක්ව නාමයෝජනා බාර නොදෙන බවද ඔහු පැවසීය.

