සම සුව සිසුහු දිනති


සම සෞඛ්‍ය උපාධි අපේක්ෂයන්ට අවශ්‍ය නම් වසර හතරක කාල සිමාවකින් සිය උපාධි පාඨමාලාව සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව සලසා දීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එකඟතාව පළ කළ බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම පාඨමාලාව වසර තුන දක්වා අඩු කිරීමට එරෙහිව සිසුහු මාස ගණනාවක් තිස්සේ උද්ඝෝෂණය කළහ.

ජනපති සමග  අද පැවති සාකච්ඡාවකදී රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම එම එකඟතාවයට පැමිණි බව ඇමති කිවේ විපක්ෂ නායක රනිල් වක්‍රමසිංහ මහතා ඇසූ ප්‍රශ්ණයට පිළිතුරු දෙමිනි.