සබරගමුව කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට උපහාර දැක්වීමේ උළෙල අද


කොළඹදී පැවැති ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියට ඉදිරිපත්ව රන් හා ලෝකඩ පදක්කම් දෙකක් දිනු කී‍්‍රඩිකාවන් දෙදෙනා ඇතුළු සබරගමුව පළාතෙන් එම තරගාවලියට ඉදිරිපත් වු සෙසු කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඇතුළු ඔවුන්ගේ පුහුණුකරුවන්ට උපහර දැක්වීමේ උළෙලක් අද (15) පෙරවරු 9.30 ට කෑගල්ල නගර ශාලාවේදී පැවැත්වේ. සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතාගේ උපදෙස් මත මෙම උපහාර උළෙල සබරගමුව පළාත් සභාව සහ අධ්‍යාපන දෙපාර්තමෙන්තුව සංවිධානය කරයි. අද (15) උදෑසන 9.00 ට කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය අබියසදී මෙම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පිළිගැනීමෙන් අනතුරුව විවෘත රිය පෙරහරකින් ඔවුන් කෑගල්ල නගර ශාලාව වෙත කැඳවාගෙන යාමට නියමිතය. මෙම තරගාවලියට සබරගමුව පළාතෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 09 දෙනකු ඉදිරිපත් වූ අතර රන් පදක්කමක් ලෝකඩ පදක්කමක් සබරගමුවේ කී‍්‍රඩිකාවන් දෙදෙනකුට හිමි වු අතර මීටර 400 - 4 රිදී පදක්කම දිනු කණ්ඩායමටද සබරගමුවේ ක‍්‍රීඩිකාවක් ඇතුළත් වූවාය.