සබරගමු සරසවි සිසු ගැටුමෙන් 9ක් රෝහලේ


(සමිපත් ප්‍රියනන්දන සහ   නාලක ජේ හෙටිටිආරචිචි)

සබරගමුව විශ්වවිද්‍යාලයේ  සිසුන් දෙ පිරිසක්   කළ පහර  දිමකින්  පළමු  වසරේ  සිසුන්  09 දෙනෙකු  තුවාල ලබා  බලන්ගොඩ  මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවැසීය.

03 වැනි වසරේ  සහ 04 වැනි වසරේ  කළමනාකාර පිඨයේ   ඉගනුම ලබන  සිසුන් දෙපිරිසක්  විසින්   ඊයේ (15) රාත්‍රීයේදී මෙ⁣ම  පහර දිම  සිදුකර ඇති බවට අනාවරණය  වන  බව පොලිසිය කියයි.

 පහර  කැමට  ලක්ව  ඇති  සිසුන්  පිරිස  සබරගමුව විශ්වවිද්‍යාලයේ  දයාසාන්ති  නේවාසිගාරයේ  රැදි සිට  ඇති අතර  ⁣ජ්‍යෙෂ්ඨ සිසුන්  එම  නේවාසිගාරයට  ඇතුළු වි  නවක සිසුන්  කොණ්ඩා  සහ රැවිලා  බා  නොමැති  බව  පවසා  මෙලෙස පහර දි ඇති බවට වාර්තා  වී ඇතැයි පොලීසිය කියයි.

පහර දුන් සිද්ධියට සමිබන්ද මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සමනල වැව පොලිසිය පරික්ෂණ සිදු කරයි. 

සිද්ධියෙන්  රෝහල් ගත කර ඇති සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවැසීය.