සබරගමු සභාවේ නිල කාලය අදින් අවසන්


(අජිත් ලාල් ශාන්තඋදය)

සබරගමු සභාවේ නිල කාලය අද(26) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය.

එහි අවසන් රැස්වීම අද පෙරවරුවේ රත්නපුර නව නගරයේ පළාත් සභා සංකීර්ණයේ දී පැවැත්වේ.

ආසන 44කින් යුත් සබරගමු සභාවේ අවසන් මැතිවරණය පැවැතියේ 2012 සැප්තැම්බර් 8වැනිදාය. එහිදී ප්‍රසාද ආසන දෙකක් ද සමග එක්සත් ජනතා නිදස් සන්ධානයට ආසන 28ක් හිමිවිය.

අද මධ්‍යම රාත්‍රියෙන් පසු සබරගමු සභාවේ නිල කාලය අවසන්වීමෙන් අනතුරුව එහි බලතල ආණ්ඩුකාරවරයා වෙත පැවරේ.