සබරගමු මුල් පුටුවට සන්ධානයෙන් තව නමක්?


සබරගමු පළාත් සභාවේ මහ ඇමැති පදවියට හිටපු ආණ්ඩුකාර හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජානක ප‍්‍රියන්ත බණ්ඩාර මහතාගේ නම ද ඉදිරිපත් වී ඇතැයි දේශපාලන ආරංචි කියයි. හිටපු මහ ඇමැති මහීපාල හේරත් කෑගලූ දිසාව නියෝජනය කරන නිසා රත්නපුර දිසාවට මෙවර මහ ඇමැති පදවිය දෙන ලෙස ඉල්ලීමක් කැරේ. වසර 24ක් කෑගල්ලට මහ ඇමැතිවරු හිමිවිය. රත්නපුරට මහ ඇමැතිකම හිමිවී ඇත්තේ වසර හතකට පමණි.