දාපනේ එක් රැයකදී නිවාස කිහිපයක් කොල්ල කෑමේ සැකකරුවන් සොයා ගිය ඇඹිලිපිටිය පොලිසියේ නිල සුනඛ ‘රොකී’විදුලි පන්දමක ඉව ඔස්සේ කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරක් ගෙවා සබරගමු පළාත් මායිමද පසුකර දකුණු පළාතට ගොස් අපරාධකරු අල්ලා දුන්නේය.
‘‘රොකී‘ මීට පෙර අපරාධකරුවන් දෙසිය අනු දෙනකු සොයා දී ඇත. බැංකු කොල්ලයක් ඇතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් ඇප ලැබු පුද්ගලයකු සිටි ගෙදරටම රොකී ගිය බව පොලීසිය කියයි.





