සබරගමු පළාත් සේවක මාල කඩා රිමාන්ඞ්


බූරුවා ගැසීම සඳහා උගස් කළ ත‍්‍රිරෝද රිය බේරා ගැනීමට රත්නපුර නගරයේදී ගුරුවරියකගේ රන්මාලයක් කොල්ලකෑ බව කියන සබරගමු පළාත් සභාවේ විගණන සේවකයෙක් හා තවත් අයෙක් රත්නපුර මහේස්ත‍්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය විසින් ලබන 25 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. එසේ රිමාන්ඞ් භාරයට පත්කරනු ලැබුවේ කොටාමුල්ල රත්නපුර පදිංචි ඉහලගේ චින්තක ලක්මාල් සහ ඇලපාත පදිංචි විරහිං ගමගේ තරංග සුරාජ් රත්නායක (විගණන සේවක) නමැත්තෝය. මාලයේ වටිනාකම රුපියල් එක් ලක්‍ෂ හැත්තෑපන්දහසකි. ඔවුන් ගමන් කළ යතුරු පැදියද රන්මාලයද අත්අඩංගුවට ගෙන ඇත.