සඳගිරි සෑ සුරැකුම් අවසන්


ඓතිහාසික තිස්සමහාරාම ‘සඳගිරි‘ ස්තූපයේ බඳේ සංරක්ෂණය අවසන් වී ඇත. රුහුණේ රජකල මහානාග රජු විසින් කරවන ලද මීටර් 17 . 95ක් උස දාගැබ මීටර් 109ක විශ්කම්භයකින් යුක්තය. පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ පූර්ණ අධික්ෂණය මත මධ්‍යම සංකෘතික අරමුදල වර්ෂ 2001 දී මෙහි සංරක්ෂණය ඇරැඹීය. දාගැබේ  සලපතල මළුව හා ආරක්ෂිත බැම්ම මේ දිනවල ප්‍රතිසංස්කරණය කැරගෙන යයි. තිස්ස වෙහෙරට නොදුරින් සඳගිරි සෑය පිහිටියේය. සංරක්ෂණයෙන් පසු සංරක්ෂණයට පෙර