සඳකැන් සඳකඩක් විකුණද්දී දෙන්නෙක් අසුවෙති.
චන්ද්‍රකාන්ති පාෂාණයෙන් කළ ඉපැරණි සඳකඩ පහණක් රුපියල් ලක්‍ෂ 12කට විකිණීමට තැත් කළ දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව කියයි.
සඳකඩ පහණ අඩි හතර හමාරක වට ප‍්‍රමාණයකින් යුක්ත බවත් සැකකරුවන් ගිරාදුරුකෝට්ටේ රත්කිඳ සහ ලග්ගල නාගොල්ලේ පදිංචි බව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි.
ලග්ගල ලෙල්ලව නාගොල්ලේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි.

