සන්ධාන ලේකම් කකුළු උපදෙසක් දෙයි


මෛත්‍රිපාල සිරිසේන ජනපති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති නොවේ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු සහභාගීවූ මාධ්‍ය හමුවකදී සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කීවේය.

එය නිවැරදි විය යුතු බවත් සිරිසේන මහතා සන්ධානයේ නායකයා බවත් පුවත්පත්වල වැරදි ආකාරයට අපේ ජනාධිපතිතුමාගේ තනතුර සඳහන් කරන බවත් ඔහු අවධාරණය කළේය.

මාධ්‍යවේදියෙක් - ලේකම්තුමනි බලන්නකො ඔය පිටිපස්සෙ තිබෙන පින්තූරේ. ඒ පින්තූරෙ යටින් තියෙන දේ දැක්කද? ඒකෙ තියෙන්නෙත් සභාපති කියලා.

ප්‍රේම්ජයන්ත් - මං ඒක දැක්කේ නෑ. එයද නිවැරදි විය යුතුයි.

GLA_7092

 GLA_7103