සන්ධාන ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ්


රජයේ රැකියා ද එතෙර රැකියා ද දෙන බව කියමින් නිකවැරැටිය, කොබයිගනේ, අඹන්පොළ ආදි පෙදෙස්වල 20 දෙනකුගෙන් පමණ රුපියල් ලක්ෂ 30 පමණ වංචා කළැයි සැකපිට අත්අඩංගුවට ගත් කොබෙයිගනේ සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත් චන්ද්‍රසිරි විජේසිංහ නිකවැරැටිය මහේස්ත්‍රාත් රුවින්දා යූ. විජේසූරිය මහත්මිය විසින් ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.