සන්ධාන ප්‍රා මන්ත්‍රී තිදෙනකුගෙන් සල්ලි අරං?


රැකියා දෙන බව පවසමින් අඹන්පොළ තිදෙනකුගෙන් රුපියල් දෙලක්ෂයක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී ඩබ්ලිව් එම් ඩී සරත්චන්ද්‍ර විජේසිංහ (42) අඹන්පොළ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

එක් අයකුගෙන් රුපියල් එක්ලක්ෂ විසි පන් දහසක් ද, අනෙක් දෙදෙනාගෙන් රුපියල් 75000ක් හා රුපියල් 25000ක් ද වංචා කර ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.