සන්ධාන පක්ෂ දෙකක් අක්කරපත්තුවේ දී ගැටෙති
අක්කරපත්තුවේ දී සන්ධානයේම පක්ෂ දෙකක් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ජාතික කොංග්‍රසය අතර අද පැවැති ගැටුමකින් පසුව මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්ගේ අපේක්ෂකයන් සහ ආධාරකරුවන් අක්කරපත්තුව පොලිසිය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි. සියලු අපෙක්ෂකයනට ආරක්ෂාව දෙන බව පොලිසිය ඔවුනට දැන්වීය. ජාතික කොංග්‍රසයේ නායක ඇමැති අතාවුල්ලාගේ ආධාරකරුවන් තම ආධාරකරුවනට හිරිහැර කරතියි මුස්ලිම් කොංග්‍රසය කියයි. අතාවුල්ලා පාර්ශවය කියනුයේ මුස්ලිම් කොංග්‍රස් චෝදනා එක හෙළාම ප්‍රතික්ෂේප කරන බවයි.මේ අතර තම පක්ෂපාතීත්වය නොවෙනස්ව පවත්වාගෙන යමින් මුස්ලිම් කොංග්‍රසයට අවනත වන බවට මුස්ලිම් කොංග්‍රස් අපේක්ෂකයන් ඉලාමීය ආගමික නායකයන් ඉදිරියේ දිවුරුම් දීමේ වැඩ පිළිවෙළක් ද මේ දිනවල ක්‍රියාත්මක කරයි.

