සන්ධාන නැ'හිර පදනම බහී


උතුරුමැද, නැගෙනහිර සහ සබරගමු පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද පදනම සබරගමුව හා උතුරු මැද පළාත් සභාවලදී වැඩි වී ඇතත්, නැගෙනහිරදී අඩුවී ඇත. 2008 මැතිවරණයට සාපේක්ෂව ඉහත පළාත් සභා තුනෙහිම එක්සත් ජාතික පක්ෂය සතු ඡන්ද පදනමද පසුබෑමකට ලක්වී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනමද දරුණු සෝදාපාළුවකට ලක්ව තිඛෙන අතර 2008 දී ඉහත පළාත් සභා තුනටම තරග කළ එම පක්ෂයට මෙවර හිමිව ඇත්තේ උතුරු මැද පළාත් සභාව වෙනුවෙන් එක් ආසනයක් පම‚. 2008 දී සබරගමුවෙන් මන්ත්‍රී ආසන 25ක් හිමිකරගත් එ.ජ.නි.ස.ය මෙවර මන්ත්‍රී ආසන 28ක් හිමිකරගෙන සිටින අතර එජාපයට මන්තී්‍ර ආසන 14ක් හිමිවි ඇත. උතුරුමැද පළාත් සභාවෙන් 2008 දී මන්ත්‍රී ආසන 20ක් හිමිකරගත් එ.ජ.නි.ස.ය මෙවර මන්ත්‍රී ආසන 21ක් ලබා ගනිද්දී එ.ජා.ප.ය සතුව තිබූ මන්ත්‍රී ආසන 17 ආසන 11ක් දක්වා අඩුවී ඇත. 2008 මැතිවරණයේදි නැගෙනහිරින් මන්ත්‍රී ආසන 20ක් හිමිකර ගත්තද එ.ජ.නි.ස.ට මෙවර හිමිවූයේ මන්ත්‍රී ආසන 14ක් පම‚. නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රී ආසන 15ක හිමිකාරත්වය ඉසිලු එ.ජා.ප.යට මෙවර හිමිව ඇත්තේ මන්ත්‍රී ආසන හතරකි. ප්‍රථමවරට නැගෙනහිර පළාත් සභාවට තනිවම තරග කළ ජාතික නිදහස් පෙරමුණ එක් මන්ත්‍රී ආසනයක් හිමිකරගෙන සිටී. ලංකා කම්කරු කොංග්‍රසය සබරගමු පළාත් සභාවේ මන්ත්‍රී ආසන දෙකක් හිමිකරගෙන සිටින අතර නැගෙනහිර පළාත් සභාවට තරග කළ ඉලංගෙයි තමිල් අරසුකච්චි මන්ත්‍රී ආසන 11ක්ද, › ලංකා මුස්ලිම් කොංග්‍රසය මන්ත්‍රී ආසන 7ක්ද හිමිකරගෙන ඇත.   සබරගමුව පළාත 2008 දී                 2012 දී එ.ජ.නි.ස. ආසන     472,789 (25)        488,714 (28)       ¬ 15925 (¬3) එ.ජා.ප. ආසන        346,321 (17)         286,857 (14)       ¡ 59,464 (¡3) ජ.වි.පෙ. ආසන      19,068 (2)             12,164 (0)  ¡ 6904 කමකරු කොංග්‍රසය ආසන 10,163 (0)  25,985 (2)  ¬ 15,822   උතුරු මැද පළාත 2008 දී         2012 දී එ.ජ.නි.ස      307,457 (20)        338,552 (21)       ¬31,095 (¬1) එ.ජා.ප.        205,284 (17)         196,127 (11) ¡ 9157 (¡6) ජ.වි.පෙ.       26,738 (1)             16,066 (1)   ¡ 10672   නැගෙනහිර පළාත 2008 දී             2012 දී එ.ජ.නි.ස.     308,886 (20)       200,044 (14)      ¡ 108,842 (¡6) එ.ජා.ප.        250,732 (15)       74, 901 (4)           ¡ 175,831 (¡11) ඉ.ත.අ.ක.     තරග කර නැත        193,827 (11) ශ්‍රී.මු.කො.   තරග කර නැත        132,917 (7) ජා.නි.පෙ.     තරග කර නැත        9522 (1)