සන්ධාන ඡන්ද ස්ටිකර් බලෙන් බස්වල අලවති


සන්ධානයේ ඇතැම් පළාත් සභා අපේක්ෂකයන් සබරගමුව,උතුරු මැද හා නැගෙනහිර පළාත් හි පෞද්ගලික බස්වල ඡන්ද ස්ටිකර් බලෙන් අලවතියි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කරයි. මේ සම්බන්ධයෙන් තීරණයක් දෙන ලෙස ඔහු ඉල්ලයි. කෑගල්ල, අම්පාර, රත්නපුරයේ ඇතැම් පෙදෙස් හි වැඩි වශයෙන් මේ තත්ත්වය දක්නට ඇතැයි ඔහු කියයි.