සදුදා සිට පැය දෙකකට වැඩි විදුලි කප්පාදුවක්


(යොහාන් භාසුර)

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මේ මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා සෑම දිනකදීම පැය දෙකයි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව එම දින තුනේදී පෙරවරු 8.30 සිට රාත්‍රී 10.30 දක්වා ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට වරින් වර පැය දෙකයි විනාඩි 15 ක්  විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් කීය.