සතොසේ ආරක්ෂක කටයුතු රක්නා ලංකා සමාගමට


(අජන්ත කුමාර අගලකඩ)
 
සතොස ආරක්ෂක සහ පොදු පෞද්ගලික සමාගමේ පරිපාලන කටයුතු රක්නා ලංකා ආරක්ෂක සමාගමට පැවරීමට රජය තීරණය කර ඇත.
 
ඒ සඳහා අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන ඇමැති චමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
 
අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශයට අයත් සතොස ආරක්ෂක සමාගම රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අයතන රැසකට ආරක්ෂක සේවා සපයයි.
 
අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල ආරක්ෂක කටයුතු ඉටුකරනු ලබන්නේ සතොස ආරක්ෂක සමාගම විසිනි.
 
හමුදාවේ විශ්‍රාමික නිලධාරියකු යටතේ පුහුණුව ලැබූ ආරක්ෂක නිලධාරීහු 600දෙනෙක් පමණ එහි සේවය කරති.
 
ඒ අනුව, මෙම සමාගමට රක්නා ලංකා ආරක්ෂක සමාගම යටතේ ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීමටත්, එහි ආරක්ෂක සේවා කටයුතු පුළුල් කිරීමටත් රජය තීරණය කර ඇත.