සතොසට ලක්ෂ එක හමාරක් දඩ


පාරිභෝජනයට නුසුදුසු ලොකුලූනු තොගයක් වැලිසර ගබඩාවේ තබාගත් ලංකා සතොසට වත්තල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් රුපියල් 150000 දඩයක් නියම කෙළේය. පරිභෝජනයට නුසුදුසු ලොකුලූනු කිලෝ 12675 තොගයක විනාශ කරන ලෙස ද නියෝග කැරිණි. පාරිභෝගික අධිකාරිය පැමිණිල්ල ඉදිරිපත් කෙළේය.