(යොහාන් භාසුර)
කොළඹ සහ අවට ප්‍රදේශවලට දින 7 කින් භූමිතෙල් නොලැබීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
කොළඹ නගර සීමාවේ මහල් නිවාසවල සහ සමූහ නිවාස වෙසෙන ජනතාව අද (12) පෙරවරුව වන විට දින 7 ක් භූමිතෙල් අපේක්‍ෂාවෙන් පිරවුම්හල් අසළ කාලය ගත කරන අතර ඔවුන් මාර්ගයේ කෑම බීම පවා ගනිමින් කාලය ගතකරන ආකාරය ද දැකගත හැකිය.
රත්මලාන සහ මොරටුව ප්‍රදේශවල ජනතාව භූමිතෙල් ලබාගැනීමට පැමිණ නොලැබීම නිසා බෑන් පෝලිමට තබා නිවෙස්වලට ගොස් ඇති ආකාරය ද දැකගත හැකිය.
කොළඹ නගරයේ ඇතැම් ස්ථානවල භූමිතෙල් පෝලිමේ සිටින ජනතවාට ආරක්‍ෂක අංශවලින් හිරිහැර සිදුවන බව ද වාර්තා වේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)