සති අන්තය නිසා ෆොන්සේකා නිදහස් කිරීම පමා වේ


ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයෙන් හිටපු යුද හමුදාපති සඳුදා නිදහස් කරන බව වැඩබලන ජන මාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මින් මද වේලාවකට පෙර මාතරදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාර එම නිදහස ලබා දෙන බවද, ජනපති පසුගිය 18 වැනිදා අදාළ ලිපියට අත්සන් කළ නමුත් සති අන්තයේ උසාවි නිවාඩු හෙයින් ද, ෆොන්සේකාගේ නීතීඥයන් සාකච්ඡා කර කරුණු කිහිපයක් නිරාකරණය කර ගැනීමට තිබූ හෙයින් ද ඔහු නිදහස් කිරීම සඳුදා පමා වන බව ද ඇමැති කීවේය. ලියැවිල්ලක් කියවූ ඇමැතිවරයා වාර්තාකරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ නැත.