(චමිල් රුපසිංහ)
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්‍යයයේ සතරවන රන්දෝලි පෙරහර අද (24) රාත්‍රී 7 පසුවි විනාඩි 25 ට දකුණු දිශාභිමුඛව පෙරහැර ගමන් ඇරඹීය.
පෙරහැර දළදා වීදිය (වෝඩ් වීදිය), යටිනුවර වීදිය ,හරස් වීදිය, කොටුගොඩැල්ල වීදිය,කන්දෙ වීදිය,ඩී.එස් සේනානායක වීදිය ( ත්‍රිකුණාමල වීදිය ) ඔස්සේ රජවීදියෙන් ඉහලටවිත් ගෙවදීමට නියමිතය.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ සතරවන රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරන ලද්දේ කතරගම වාසනා ඇතා මතිනි.දෑලේ ඇතුන් ලෙස සිංහ රාජා සමඟ මියන් රාජා ගමන් කළහ.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහැර 25 වන දින රාත්‍රී 7 පසුවී විනාඩි 58 ට උතුරු දිශාභිමුඛව පෙරහැර පිටත්ව දළඳා වීදිය ( වෝඩ් වීදිය ) යටිනුවර වීදිය , කන්දෙ වීදිය ( හීල් වීදිය ) ඩි.එස්.සේනානායක වීදිය ( ත්‍රිකුණාමල වීදිය ) ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවිදිමට නියමිතය.