(ජයන්ත සමරකෝන්)
රිමාන්ඩ් බාරයට පත්කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ‘එම්’ සිරවාට්ටුවට ඇතුළත් කර ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ආ අවස්ථාවේ දී සැකකාර හිටපු මන්ත්‍රීවරයා පපුවේ ආබාධයක් ඇති බවට හෙළි කිරිමෙන් ඒ මොහොතේම රෝහල්ගත කර ඇති අතර, අද (28) යළිත් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන විත් ඇතැයි එහි ප්‍රකාශකයකු පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා රිමාන්ඩ් බාරයට පත්කර සිටි අවස්ථාවේ දී රඳවා සිටියේ ද මෙම ‘එම්’ සිර වාට්ටුවේ බවද වාර්තාවේ.

