සජිත්ගේ ප්‍රධානත්වයෙන් නාම යෝජනා මණ්ඩලය රැස්වෙති


(නිමල කොඩිතුවක්කු)

මහමැතිවරණය සඳහා නාමයෝජනා සැකසීමට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නාම යෝජනා මණ්ඩලයක් පත්කරගත් බව එහි මහලේකම් රංජිත් මද්දුමබන්ඩාර මහතා පැවැසීය.

කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, තලතා අතුකෝරල, ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවිර, රවින්ද්‍ර සමරවිර, හරින් ප්‍රනාන්දු, එරාන් වික්‍රමරත්න, නීතීඥ ගුණරත්න වන්නිනායක සමඟ සන්ධාන මහලේකම්වරයා ලෙස තමාත් නාමයෝජනා මණ්ඩලයේ සාමාජිකත්වය දරන බව ඔහු සඳහන් කළේය.

නාමයෝජනා මණ්ඩලය කොළඹදී අද (04)  දිනයේ පළමු වරට රැස්වී නාමයෝජනා කටයුතු පිළිබඳ සාකච්ඡා කළ බවත් රංජිත් මද්දුමබන්ඩාර මහතා වැඩිදුරටත් පැවැසීය.