සජිත් ’’කපුටු’’ ආරක්ෂකයෙක්


(අංජුල මහික වීරරත්න)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉස්සරහ දොරෙන් ගොස් ජනතාවට විවිධ දේ ප්‍රකාශ කළද ඔහු පිටුපස දොරෙන් ඇතුළු වී බැසිල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පැවසීය.

 සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක භූමිකාවට අමතරව කටුපු ආරක්ෂකයාගේ තනතුරේද කටයුතු කරමින් සිටින බව ද එජාප මහලේකම්වරයා කීය.

සිරිකොත එජාප මුලස්ථානයේ පැවැති පක්ෂ නියෝජිත සාකච්ඡාවකදී  රංගෙ බණ්ඩාර මහතා මේ බව කීය.

21 වන සංශෝධනයට සහය ලබා නොදෙන බව පවසමින් රටපුරා ඇවිදින විපක්ෂ නායකවරයාගේ ඒකායන අරමුණ රාපක්ෂවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම බව  පැවැසූ රංගේ බණ්ඩාර මහතා  රටට ආදරය කරන අයකු නම් කොන්දේසි විරහිතව හා යෝජනා විවේචන සහිතව 21 සම්මත කිරීමට පූර්ණ සහයෝගය ලබාදිය යුතු බව කීය.